සිසිලන පද්ධතිය 2 කෘත පෝෂන සන්සරණ (forced feed cooling system).

කෘත පෝෂන සන්සරණ 

 

සියලු දෙනාටම සුබ දවසක් වේවා අද මම ඔයා එක්ක කතා කරන්න අවෙ වාහන වල පාවිච්චි කරන සිසිලන පද්දතියේ ද්‍රාව සිසිලන ක්‍රමයේ අනෙක් වර්ගය ගැන ඔයාලට කියලා දෙන්න. මට හිතුනා එදා දාපු පෝස්ට් එක සමහර අයට ටිකක් සන්කීර්ණ උනාද මන්දා කියලා ඒක කියෙව්වෙ නැත්තන් මෙතනින් කියවන්න.(click now) පෝස්ට් එක තේරුන් ගන්න අමාරුයි වගේ නන් inbox massage එකක් දාන්න.

 

හරි අපි අද කතාකරන ක්‍රමය කෘත පෝෂන සන්සරණ ක්‍රමයයි. (forced feed cooling system). නමෙන්ම සණ්කීර්න ගතිය වැඩි උනා නේද මම මෙකෙ ක්‍රියාවලිය ගැන සරලව කියලා දෙන්නන්. මේ පද්ධතිය ගැන සරලව ඔයාලට කිව්වොත් සාමාන්යෙන් වාහනෙ එන්ජින් එක රත් වෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනෙ. එන්ජිමක් රත් වෙනකොට ඒක සිසිතල කර ගන්න මොකක් හරිම ක්‍රමයක් තියෙන්න ඕනෙ. අන්න ඒ ක්‍රමයන්ගෙ තවත් එක් වර්ගයක් තමයි මේ කෘත පෝෂන සන්සරණ ක්‍රමය කියන්නෙ. නවීණ වාහන වල බොහො දුරට මේ ක්‍රමය තමයි පාවිච්චි වෙන්නෙ. පැරණි වාහන වල පාවිච්චි උනේ මන් එදා කියලා දුන්න ක්‍රමයයි.

 

හරි මේ කෘත පෝෂන සන්සරණ ක්‍රමයෙදි අපිට පීඩන පියන දකින්න පුලුවන් (1.රූපය ) පීඩන පියන ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.(click now ) අලුතෙන් එන වාහන ඉතා වේගයෙන් ක්‍රියා කරන නිසා ඉක්මනින් එන්ජිම සිසිල් කර ගන්න ඕන කරනවා. මේ නිසා මේ පද්ධතියෙදි අපිට ජල පොම්පයක් (water pump ) එකුත් පාවිච්චි වෙනවා දකින්න පුලුවන් (2.රූපය) තවද මෙම පද්ධතිය තුල උෂ්නත්ව පාලක වැල්වයක්. (1.රූපය) අනෙකුත් අමතර කොටස් දක්නට ලැබෙනවා.

 



මෙහිදි සිදු වන්නෙ එන්ජින් බදෙහි ඇති ජල කුහර හරලා ජල පොම්පය මගින් ජලය පොම්ප කිරීමයි. එහිදී ජලය එන්ජිම හරහා ගාලා යාම සිදු වෙනවා. එවිට ජලය මගින් එන්ජිමේ තාපය ( උෂ්නත්වය) උරා ගනු ලබනවා. ඉන්පසුව එම ජලය රේඩියේටරය හරහා ගමන් කරවනවා. එවිට පංකාව මගින් රේඩියේටරයට සිසිල් කරනවා මේ විදිහට මෙ ක්‍රියා වලිය දිගින් දිගටම සිදු වෙනවා. නමුත් එන්ජිම සිසිල්ව තියන කොට රෑ එලි වෙනකන් නවත්තලා තිබ්බා කියලා හිතන්න. ඒ වගෙ වෙලාවකදී වාහනය ස්ටාට් කරපු ගමන්ම එන්ජිම cool වෙන්න ගත්තොත් එහෙම එන්ජින් එක ස්ටාට් කර ගන්න එක අමාරු වෙනවා. අන්න ඒකට විසදුමක් විදිහට මේ උෂ්නත්ව පාලක වැල්වය යොදලා තියෙනවා. (1.රූපය) බොහෝ දුරට මේ වැල් එක තියෙන්නෙ රේඩියේටරයේ උඩ කොටසත් සිලින්ඩරයේ හිසේ උඩ කොටසත් අතර ජල මාර්ගය තුලයි. එන්ජිම සිසින් වෙලාවට මේ වැල්වය මගින් ජල මාර්ගය වසා ගෙන ඉන්නවා. එහිදි අතුරු මාර්ගයක් හරහා ජලය ගමන් කරන්න සලස්වනවා. ඒක නිසා ජලය සිසිල් වීමක් සිදු වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රේඩියේටරය හරහා ජලය ගමන් කරන් නෑ. නමුත් එන්ජිම ක්‍රියා කාරි උෂ්නත්වයට පැමිණි වහාම මෙම වෑල් එක ඇරිලා ජලය සිසිල් වෙන්න පටන් ගන්නවා.

 

හරි තවත් ඔයාලට තියන ගැටලුවක් තමයි මොකක්ද මේ රේඩියේටරෙ පැතෙන් තියන ජලය ටිකක් තියන ටැංකිය කියන එක. (2.1. රූපය ) මේ ටැන්කිය බොහො නවීණ වාහන වල දකින්න පුලුවන්. මේ ටැංකියට කියන්නෙ අමතර ටැංකිය කියලා. මේ අමතර ටැංකිය සම්බන්ද වෙන්නෙ රේඩියේටරයට කියලා දකින්න් පුලුවන්. ඉතින් මොකටද මේ තව ටැංකියක් බොරුවට ගහලා නේද කියලා සමහරු හිතන්නත් පුලුවන්. ඇත්තෙන්ම ඒ ටැංකිය තියෙන්නේ රේඩියේටරයේ ජලය රත් ඌ විට අදික පීඩනයක් ඇති වෙනවා මෙ නිසා රේඩියේටරයට හානි සිදු වෙන්න පුලුවන්. අන්න ඒ හේතුව නිසා මේ අමතර ටැංකියට වැඩි ජල වාෂ්ප එකතු වෙන්න තමයි හදලා තියෙන්නෙ. ඒ වගේම එන්ජිම සිසිල් උනාම ඒ ජලය ආපහු රේඩියේටරයට ගමන් කරනවා. ඒක නිසා මේ අමතර ටැංකියට වතුර දානකොට එහි සදහන් කරලා තියන ප්‍රමාණයට යෙදීම අනිවාර්ය වෙනවා.

 

ඒ වගෙම සමහරු කියනවා රේඩියේටරෙ වතුර බලද්දි මෙ ටැංකියෙන් බලපුම ඇති කියලා එක වැරදියි. එතනින් රේඩියෙ වතුර ප්‍රමාණය තීරනණ කරන්න බෑ. ඒ වගේම මේ රේඩියේටර පීඩන පියන එන්ජිම රත් වෙලා තියෙද්දි ඇරියොත් සොරි තමයි. මන් කලින් වීඩියො එකක් දාලා ඇති රේඩියේටරෙ පීඩන පියන රත් වෙලා තිබ්බම විවෘත කලොත් වෙන දේ එක බලන්න පෙජ් එකෙ වීඩියො වල ඇති. ඒක නිසා රත් වෙලා තියන වෙලාවට ඕක අරින්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා. පන්ඩිත කමට අරින්න ගියොත් තම්බපු කුකුලෙක් වගෙ තමයි ඉන්න වෙන්නෙ.

 

හරි එහෙන අපි ඊලග පෝස්ට් එකෙන් වායු සිසිලන ක්‍රමය ගැන කතා කරමු. පෝස්ට් එක හොදයි නම් page එකටත් like කරලා එකතු වෙන්න.  යාලුවන්ටත් දැන ගන්න Post එක Share කරන්න.

YouTube නාලිකාව. ( youtube.com/automobilesrilanka )



Post a Comment

0 Comments