බෙයාරින්
සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාල එක්ක කතා කරන්න යන්නෙ බෙයාරින් ගැනයි.
හරි යාලුවනෙ ඉස්සල්ලම අපි බෙයාරින් කියන්නෙ මොකක්ද කියලා දැන ගමු. බෙයාරින් කියන්නෙ යන්ත්‍ර වල හා මොටර් රථ වල චලනය වන කොටස් අතර ඝර්ෂණය අවම කිරීමත් , ඒ වයේ ගෙවීම අවම කිරීමටත් යොදමු ලබන කොටස්ය.
ප්‍රධාන වශයෙන් බෙයාරින් වර්ග 2ක් තියෙනවා.
1.ඝර්ෂණ බෙයාරින්
2.ඝර්ෂණ ප්‍රතිරෝදි බෙයාරින්
අපි ඉස්සල්ලම ඝර්ෂණ බෙයාරින් ගැන කතා කරමු. මෙ වර්ගයට බුස් බෙයාරින් පලු බෙයාරින් අයත් වෙනවා.
බෙයාරින් පිස්ටනය පිස්ටන් අතෙහි කුඩා කොනට සම්බන්ධ කිරීමේදි භාවිතා කරනවා. මෙම බෙයාරින් ලිහිසි කරනය සදහා තෙල් භාවිතා කරන ස්ථාන වල භාවිතා කරනවා. එතකොට පලු බෙයාරින් මෙවා පිස්ටන් අතේ මහ කොනත් ප්‍රධාන ජ්නල් සවි වෙන ඉස්ථාන වලත් භාවිතා කරනවා. තෙල් ගමන් කිරීමට මාර්ග සහිතව නිර්මාණය කර ඇති මෙම බෙයාරින් වලට එන්ජිමෙ ස්නේහන පද්ධතිය මගින් නොකඩවා තෙල් සැපයීම සිදු කරනවා.
ඝර්ෂණ ප්‍රතිරෝදි බෙයාරින්
බහුලව දකින්න ලැබෙන බෝල බෙයාරින් , රෝල බෙයාරින් , නීඩ්ල් බෙයාරින් මෙම වර්ගයට අයත් වෙනවා.(රූප සටහන් බලන්න )
මේවාට නොකඩවා තෙල් සැපයිමක් අවශ්‍ය නොවන අතර චලනය වල කොටස් අතර ගැටීම සිදු වන්නෙ ඉතා කුඩා වර්ගඵලයකි.(උ.දා. කුඩා බෝල ) වැඩි බරක් දැරීමට හැකියාවක් ඇති අතර එකම ඒකකයක් ලෙස නිපදවා ඇත. එම නිසා නිතර ස්නේහනය (ස්නේහනය යනු ඝර්ෂණ අවම කිරීම යන්නයි) කිරීමට අපහසු හා නිතර ගලවා ඉවත් කිරීමට අපහසු ස්ථාන වල සවි කරනු ලබයි.
එහෙනම් යාලුවනෙ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. පෝස්ට් එක සෙයා කරලා පොඩි help එකක් දෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් .
0 Comments