තෙල් දෙන - oil sump , ටැපට් කවරය - tappet covver , පුලිඟු පේණු

සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට අරන් ආවෙ අපි මෙතෙක් කාතා කරපු සිව් පහර පෙට්‍රල් එන්ජිමක භාවිතා වන කොටස් අතරින් අවසන් කොටස් කිහිපයයි. කලින් පොස්ට් බැලුවෙ නැත්නම් දැන්ම ගිහින් බලන්න. සිව් පහර පෙට්‍රල් එන්ජිමක සියලුම කොටස් ගැන විස්තර මම දාලා තියෙනවා. එහෙනම් අද ගෙනාපු කොටස් ගැන අපි කතා කරමු.

1.තෙල් දෙන - oil sump


සිලින්ඩර් බඳෙහි පහළම කොටස ආවරණය වී ඇත්තේ තෙල් දෙන මගිනි. මෙය වානෙ තහඩු වලින් නිමවා ඇති අතර ලිහිසි තෙල් ගබඩා කිරීමට භාවිතා වේ. රථය ගමන් කිරීමෙදී ඒ තුල ඇති තෙල් කැලබීම අවම කිරීමට හරස් අතට අවහිර කිරීම් තහඩු යොදා ඇත. තෙල් දෙනද එන්ජින් බඳේ පහළ කොටසට සවි කිරීමේදී ඒවා අතරට රබර් මිශ්‍ර පැකින් යොදනු ලැබේ.(1.රූපය )

2.ටැපට් කවරය - tappet covver

මේ ගැන නම් වැඩිය කතා කරන්න නෑ එන්ජිමේ ඉහල වෑල් කොටස් ඉන්ජෙක්ටර් ආදිය වැසී තිබෙන්නේ මේ කොටසිනුයි.(2.රූපය )

3.පුලිඟු පේණු



පෙට්‍රල් වායු මිශ්‍රණය දහනය කිරීම සඳහා අවශ්‍ය පුළිඟුව ලබා දීම මෙයින් සිදුවේ. මෙය ස්කුරුප්පු හිසක් මගින් සිලින්ඩර හිසට සම්බන්ධ කෙරේ. මෙයට අධික වෝල්ටීයතාවයක් ලැබෙන බැවින් විදුලිය කාන්දු නොවන සේ පොසිලේන් ආවරණයක් සහිතව නිර්මාණය කර ඇත. සිලින්ඩරය තුළ අධික පීඩනය හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන සේ ඉලෙක්ට්‍රෝඩ නිකල් මිශ්‍ර ලෝහයෙන් නිර්මාණය කර ඇත. මෙහිදී නිශ්පාදකයා විසින් නියම කරන පුලිඟු පේනු වර්ගය භාවිතා කිරීම මගින් නියමිත කාලයක් හොඳින් භාවිතා කිරීමට හැකි වෙයි. (3.රූපය )
එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක් වේවා. සෙයා කරලා සප් එකක් දෙන්න.

facebook

youtube

Post a Comment

0 Comments