Diesel engine Compression Test

Diesel engine

Compression Test


 සියලු දෙනාට සුබ දවසක් වේවා. Automobile sri lanaka වෙතින් ගේන තවත් අලුත් පෝස්ට් එකකට ඔයාලා හැමෝම අයුබෝවන් කියලා පිලිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ඩීසල් එන්ජින් Compression Test එක ගැනයි.  හරි එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු.


 ඩීසල් එන්ජින් Compression Test එකක් අපි සිදු කරන්නේ එන්ජිමේ සිලින්ඩර වල යම් ගෙවීමක් හෝ පිස්ටන් වලලු වල ගෙවීමක් ඇත්දැයි පරික්ෂා කර බැලීමටයි. එමගින් අපට එන්ජිමේ යම් ගෙවීමක් ඇත්නම් හදුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.මෙම Compression Test එක සිදු කරන්න අපිට උපකරන කිහිපයක් අවශ්‍ය වෙනවා. Injector එක හෝ දිලියුම් පේනුව (hitter plug) එක ගැලවීමට හා පරික්ෂා කිරීමට පීඩන මානය ( Compressiongauge ) හා අදාල අනෙකුත් ආවුද.


මෙම පරීක්ෂනය සිදු කිරීමට පෙර අපට පියවර කිහිපයක් අනුගමනය කරන්න වෙනවා.

1. බැටරිය හොද තත්වයේ තිබේදැයි බැලීම.

2. කූලන්ට් හා ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට තිබේදැයි බැලීම හා ඔයිල් හෝ කූලන්ට් කාන්දු තිබේදැයි බැලීම. 

3. එන්ජිමේ හෙඩ් එකේ බෝල්ට් නිශ්පාදකයා ලබා දී ඈති මට්ටම තදවී ඇද්දැයි බැලීම.

4. එන්ජිමෙ ටැපට් නියමිත අගයේ ඇද්දැයි පරික්ෂා කිරීම.

මෙම සියල්ල පරික්ෂා කිරීමෙන් අනතුරුව එන්ජිම ක්‍රියා කාරී උෂ්නත්වයට එන තෙක් පන ගන්වා තැබිය යුතුයි. ඉන්පසුව එන්ජිමේ Injector එක ගලවා ඉවත් කර ගත යුතු වේ. ඉන් පසුව start motor එක වට කිහිපයක් කරකා සිලින්ඩරය තුල ඇති වාත කොටස් ඉවත් කර ගැනීම සිදු කර යුතු වේ. මෙම ක්‍රියා කාරකම් එන්ජිම සිසිල් වීමිට පෙර සිදු කර යුතුයි.


ඉන්පසුව Compression gauge එක ගෙන Injector එක ගැලවූ ස්ථානයට සවි කර ගත යුතුයි. ඉන් පසූ යලිත් start motor එක වට කිහිපයක් කරකවා. Compression gauge එකෙන් අගය මැන ගත යුතුයි. මෙලෙස සිලින්ඩර 4රෙම අගයන් මැන ගත යුතුයි.


මෙම අගයන් නිෂ්පාදකයා සදහන් කර ඇති අගයට වඩා වැඩි වෙනසක් ඇත්නම් එන්ජිමේ යම් ගෙවීමක් ඇති බව නිරීක්ෂනය කල හැකියි. මෙය නිවැරෙදිවම තහවුරු කර ගන්න එන්ජිමේ ඉන්ජෙක්ටර් එක සවි වී තිබූ ස්ථානයෙන් ඔයිල් ස්වල්පයක් දමා ( 6mm ප්‍රමාණවත් ) නැවතත් Compression gauge එක සවි කොට අගය මැන ගත් යුතුයි. එවිට Compression අගය වැඩි වීමක් ඇතම් සිලින්ඩරය හෝ පිස්ටන් වළලු වල ගෙවීමක් බව තහවුරු කර ගන්න පුලුවන්.


එහෙනම් යාලුවනේ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. යාලුවන්ටත් දැන ගන්න share කරන්න. සුබ දවසක්.

 

YouTube

Youtube.com/automobilesrilanka

Facebook

www.facebook.com/automobilelanka

 




#automobile_sri_lanka #diesel_enjine_compression_test

#Compression_gauge #ඩීසල්_එන්ජින්_ compression_test

# Wet_Compression_Test #AUTOMOBILE_SRI_LANKA 


Post a Comment

0 Comments