දෙපහර ප්‍රෙට්ටල් එන්ජිම ගැනයි.( 2 stroke petrol engine)

සියලු දෙනාටන සුබ දවසක් වේවා . අද මම ඔයාලට අරගෙන ආවේ දෙපහර ප්‍රෙට්ටල් එන්ජිම ගැනයි.( 2 stroke petrol engine)

මෙහිද බෝරය තුල පිස්ටනය ගමන් ගන්නා උපරිම උස TDC පහල සීමාව BDC  ලෙසත් දැක්වේ. මෙහි කොටස් නම් කරන ලද රූපයක් 1. රූපසටහනේ දැක්වේ. මෙම ක්‍රමය කුඩා යන්ත්‍ර සදහා බොහෝ සෙයින් යොදා ගැනේ.

1.පලමු පහර

පිස්ටනය පහල සිට ඉහලට ගමන් කරන අතර එහිදි මාරු කව්ලුවත්, පිටාර කව්ලුවත් වැසී යයි . මෙහිදී චූෂන කව්ලුව ඇරේ. එහිදී චුෂන කව්ලුව හරහා ප්‍රෙට්ටල් දගරකද කුටීරයට ඇතුලු වේ. මෙහිදී පෙර පහරේදි ඇතුලු වූ ප්‍රෙට්ටල් සම්පීඩනය වේ. පහර අවසානයේදී පුලිගු පේනුවෙන් ලබා දෙන පුලිගුව මහින් මිශ්‍රණය දැවේ.

2.දෙවන පහර

පිස්ටනය ඉහල සිට පහලට ගමන් කරයි. දහනය නිසා ඇති වන පීඩනයෙන් පිස්ටනය පහලට තල්ලු වන අතර එහිදී පෙර පහරේදී ඇතුලු වූ ප්‍රෙට්ටල් යලි මාරු කව්ලුව ඔස්සේ පිස්ටනය මුදුනට පැමිනේ එහි දී පිටාර කව්ලුව හරහා දහනය වූ මිශ්‍රණ ඉවත්  වේ. එහිදී හොද ප්‍රෙට්ටල් වලින් කොටසක්ද ඉවත් වේ . මෙය පරිසරයට හානි දායකය මෙම නිසා මෙම එන්ජින් දැන් භාවිතා නොවේ.

මෙම එන්ජිමේ වාසි ලෙස
1.ක්‍රියා කාරී චක්‍රය පහර දෙකකදී සිදු කරයි.
2.දගර කද කැරකෙන සෑම වටයක දීම බල පහරක් ලැබේ. මෙම නිසා සිව් පහර එන්ජිමට වඩා කාර්යක්ෂම වේ.
3.වැල්ව ක්‍රියා කිරීමේ යාන්ත්‍රණයට වෙනමම ලිහිසි කරන පද්දතියක් නැති නිසා සරල එන්ජිමකී.

මෙහි අවාසි ලෙස

1.ස්නේහන තෙල් පරිසරයට නිකුත් වීම .
2.ස්නේහන තෙල් වැඩිපුර යෙදීමට සිදු වීම.

හොදයි යාලුවනේ එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් සේයා කරලා පොඩි සප් එකක් දෙන්න 😊😊🔧



Post a Comment

0 Comments