රේඩියේටරයේ පීඩන පියන (radiator pressure cup
සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතිස් යාලුවනේ අද මම ඔයාලා එක්ක කතා කරන්න යන්නේ රේඩියේටරයේ පීඩන පියන (radiator pressure cup) ගැනයි. 1 රූපය බලන්න.(ඇතැම් වචන වල අරුත් පැහැදිලි කීරීමක් පෝස්ට් එකේ යටම දාලා ඇති.)
සිසිලන පද්ධතියේ පීඩනය වායු ගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයකින් පවත්වා ගැනීමට රේඩියේටරයට පීඩන පියනක් භාවිතා කරලා තියෙනවා. මෙම පීඩන තැටිය තුල වැල්ව 2ක් දකින්න පුලුවන්.
1. පීඩන වැල්වය
2. රික්ත වැල්වය
2. රික්ත වැල්වය
පීඩන පියන මගින් පද්ධතිය මුද්‍රා වී (හොදි වසාගෙන) ඇති නිසා ජලය මත පීඩනය ක්‍රියා කිරීම නිසා පීඩන වැල්වය විවෘත වී වැඩි වන ජල පරිමාව වැඩිවන පීඩනය මගින් අමතර ටැංකියට මුදා හරි (2.රූපය) .
වාහනය නවත්වා එන්ජිම සිසිල් වීම මගින් රේඩියේටරයද සිසිල් වන අතර ජල මට්ටමද අඩු වී රික්තයක් ඇති වේ. එවිට රික්ත වැල්වය විවෘත වී අමතර ටැංකියේ සිට ජලය ගලා විත් රේඩියේටරයට පිරේ.
රේඩියේටරය තුල ඇති කරන උපරිම පීඩනය එක් එක් එන්ජින් සදහා වෙනස් විය හැක. මෙය නිශ්පාදකයා විසින් සදහන් කර ඇති අතර මූඩියේ ඉහල පැත්තේ සටහන් කර ඇත. පීඩන පියන test කරන විදිහ දැන ගන්න මේ video බලලන්න,
එහෙනම් යාලුවනේ 2019ට දාන අවසාන පෝස්ට් එක තමයි මේක. ගෙව්නු මේ 2019 වසරේදී සමහර අයට තමන්ගෙ බලාපොරොතු ඉටු කර ගන්න බැරි වෙන්න ඇති තවත් සමහරක් අයට තමාගෙ බලාපොරොත්තු හොදින් සාර්ථක වෙන්න ඇති. අසාර්ථක උන අයට 2020 වසර හොදින් සාර්ථක කර ගෙන ඉදිරියට යන්න අවශය ශක්තිය ලැබේවායි Automobile sri lanka අප ප්‍රාර්තනා කරනවා!! ඒ වගේම 2019 වසර සාර්ථක උන අයට 2020 වසරත් හොදින් සාර්ථක කර ගැනීමට අවශය ශක්තිය ලැබේවායි අප ප්‍රාර්තනා කරනවා!! එහෙනම් යාලුවනේ අලුත් වසරකින්, අලුත් දිනයකින්, අලුත් පෝස්ට් එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.
අරුත් පැහැදිලි කිරීම
පීඩනය - පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයයි.
රික්තය - රික්තයක් යනු හිස් අවකාශයකී.
පීඩනය - පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයයි.
රික්තය - රික්තයක් යනු හිස් අවකාශයකී.
0 Comments