විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්පය. (Electric petrol pump)


සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් යාලුවනෙ අද මම ඔයාලා එක්ක කතා කරන්න ආවෙ විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්මය ගැනයි. සාමාන්‍යයෙන් ප්‍රෙට්ට්‍රල් පොම්ප වර්ග 2ක් තියනවනෙ යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්පය ගැන මන් කලින් පෝස්ට් එකක් දැම්මා ඒක කියෙව්වෙ නැත්තන් ඒකත් කියවන්න. click here 

ඉතින් අද අපි කතා කරමු විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්පය ගැන.

ඉස්සල්ලම මන් පහල දාලා තියන 1 2 රූප 2ක බලන්නකො එකෙ දාලා තියනවා විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්පයෙ ජායාරූපයකුයි කොටස් නම් කරපු ජායාරූපයකුයි.




සාමාන්‍යයෙන් විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්පයෙත් වෙන්නේ යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්යේ (maniacal petrol pump) සිද්ද වෙච්ච ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාවලියක්. මේකෙදි ප්‍රාචීරය මැග්නට් ක්‍රියා වලියක් හරහා පහලට ඇද ගන්නවා. එතකොට ඇතිවෙන රික්තය නිසා ප්‍රෙට්ට්‍රල් ප්‍රෙට්ට්‍රල් ටැංකියෙ ඉදලා චුෂන වැල්වය විවෘත වෙලා ඇතුලට ඇද ගන්නවා.

එතකොට පහලට ඇදුනු ආමේචරය හා ඊට සම්බන්ධ දන්ඩ නිසා ස්පර්ශක තුඩු ඈත් වීම සිදු වෙනවා. (3රූපය) එවිට දාරාව විසන්දි වෙන නිසා මැග්නට් ක්‍රියා වලිය නැවතිලා දුනු ආතතිය නිසා යලිත් ප්‍රාචීරය ඉහලට තල්ලු වෙනවා. එවිට ඇතුලු වෙච්ච ප්‍රෙට්ට්‍රල් පිටාර වැල්වය හරහා පිට වෙනවා. මේ ක්‍රියා වලිය වේගයෙන් සිදු වීම මගින් ප්‍රෙට්ට්‍රල් පොම්ම වෙනවා. මේ video එකත් බලන්න පැහැදිලි වෙයි. විනාඩි 2ක් වගේ තියෙන්නෙ  English වලිනුයි sinhala ලෙනුයි 2කෙන්න තියෙනවා.

Electric petrol pump sinhala 



Electric petrol pump English 

හරි අපි දැන් මැග්නට් ක්‍රියාවලිය ගැන කතා කරොත් මේක සරල ක්‍රියා වලියක් මේක ඔයාලට ගෙදරදිත් කරන්න පුලුවන්. පොඩි ඇණයක් අරගෙන ඒක වටෙට කොයිල් කම්බි ටිකත් ඔතලා කොයිල් කම්බියෙ දෙපැත්තට බැටරියක් දෙන්න ඉට පස්සෙ ඇනෙට යකඩ මොනා හරි තියලා බලන්න ඇලෙවෙනවා බලන්න පුලුවන්. ඒ මොහෙතෙදි ඇනෙ විද්‍යුත් චුම්භකක් වෙලා තියෙන්නෙ. මේ ක්‍රියාවලිය මයි විදුලි ප්‍රෙට්ට්‍රල් පොම්පයෙ ඇතුලෙත් සිද්ද වෙන්නෙ. ඇතිවෙන චුම්බක ශක්තිය නිසා මැද තියන දණ්ඩ පහලට ඇදෙනවා. එතකොට තමයි ප්‍රාචීරය පහලට ඇදිලා ප්‍රෙට්ට්‍රල් ඇද ගන්නෙ.

එහෙනම් යාලුවනේ අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. Share කරලා සප් එකක් දෙන්න. සුබ දවසක් 😊😊😊🔧⚙️


www.facebook.com/automobilelanka




Copyright ©

#electric_petrol_pump #විදුලි_ප්‍රෙට්ට්‍රල්_පොම්පය #automobile_srilanka

Post a Comment

0 Comments