ජ්වලන පද්ධතිය
(Ignition system)
(Ignition system)
සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ ජ්වලන පද්ධතිය ගැනයි.
සාමාන්‍යයෙන් ප්‍රෙට්ට්‍රල් එන්ජිමක සම්ම්පීඩන පහර අවසානයේදී ප්‍රෙට්ට්‍රල් ම්‍රිශ්‍රනය දහනය කිරීමට විදුලි පුලිගුවක් අවශ්‍ය වෙනවා. මෙය සිදු කරනුයේ පුළිගු පේනුව මගිනී.(1.රූපය)
සාමාන්‍යයෙන් පුළීගු පේනුවක පුළීගුවක් ඇති කිරීමට නම් අදික වෝල්ටීය තාවයක් අවශ්‍යය වෙනවා. මීට අමතරව එන්ජිමේ එක් එක් වේගයන්ට අනුව පුළීගුව ලබා දීමටත් අදාල සිලින්ඩරයට නිසි වේලාවේදී පුළීගුව ලබා දීමටත් ක්‍රම වේදයක් අවශ්‍යය වෙනවා. මෙම අවශ්‍යය තාවයන් ඉටු කර ගැනීමට නිර්මාණය කරන ලද පද්ධතිය ජ්වලන පද්ධතිය ලෙස හැදින් වෙනවා.
සාමාන්‍යයෙන් මෝටර් රථ වල භාවිතා කරන ජ්වලන පද්ධති වර්ග 2ක් තියෙනවා.
1. බැටරි කොයිල් ජ්වලන පද්ධතිය
2. මැග්නිටෝ ජ්වලන පද්ධතිය
2. මැග්නිටෝ ජ්වලන පද්ධතිය
හරි අපි අද කතා කරමු බැටරි කොයිල් ජ්වලන පද්ධතිය ගැන. මැග්නිටෝ ජ්වලන පද්ධතිය ගැන කලින් මන් පෝස්ට් එකක් දාලා තියෙනවා. කියෙව්වෙ නැත්තන් ඒකත් කියවන්න.මැග්නිටො ජ්වලන පද්ධතිය
බැටරි කොයිල් ජ්වලන පද්ධතිය ප්‍රධාන කොටස් කිහිපයකින් සමන් විත වෙනවා.
1. බැටරිය
2. ජ්වලන ස්විචය (යතුර)
3. ජ්වලන දඟරය
4. බෙදා හරිනය (ඩිස්ටිබියුටරය)
5. පුළීගු පේනු
6. අධි වෝල්ටීය තා වයර
1. බැටරිය
2. ජ්වලන ස්විචය (යතුර)
3. ජ්වලන දඟරය
4. බෙදා හරිනය (ඩිස්ටිබියුටරය)
5. පුළීගු පේනු
6. අධි වෝල්ටීය තා වයර
ආදිය දක්වන්න පුලුවන්. ( 1.1රූප සටහන් බලන්න )
බැටරි කොයිල් ජ්වලන පද්ධතියෙ පරිපථ සටහනක් 3 රූපයේ මම දාලා තියෙනවා.
මෙහිදී සිදු වන්නේ වාහය පණ ගැන්‍වූ විට බැටරියෙන් ලබා දෙන බලය ජ්වලන දඟරය වෙත ලගා වෙනවා. සාමායයෙන් බැටරිය 12v වන නමුත් ජ්වලන දඟරය ලබා ගනුයේ 9v පමණ ප්‍රමානයකී. මීට හේතුව වන්නේ පණ ගැන්වීමේදී පණ ගැන්වුම් මෝටරයට බැටරියේ දාරාව ඇද ගැනීම නිසා ජ්වලන දගරයට යන වෝල්ටීය තාවය අඩු වීමයි. මීට විසදුමක් ලෙස බැලැස්ටික් ප්‍රතිරෝධය යොදා ගෙන තිබෙනවා. ( 2. රූපය)
මෙම ජ්වලන දඟරය තුල ප්‍රාතමික දඟරය , ද්විතීක දඟරය ලෙස කොටස් 2ක් තිබෙනවා. මෙහි ද්විතික දඟරය සදා ඇත්තේ සිහින් කොයිල් කම්බි අස්තර කරන ලද කෝරයක් වටා වට 20 000 කට ආසන්න ප්‍රමාණයක් එතීමෙනි. එලෙසම ප්‍රාතමික දඟරය වටා වට 400ක් පමණ ඔතා ඇත. මෙම දඟර 2ක ලොහ ආවරණයක් තුල බහා තෙල් පුරවා මුද්‍රා තබා තිබෙනවා.
ප්‍රාතමික දඟරය තුළින් දාරාව ගලා යන විට ඩිස්ටිබියුටරයේ ඇති ස්පර්ශක තුඩු මගින් එක් වරම ඉස්පර්ෂක තුඩු ඇත් කොට ධාරාව කපා හරි මෙහිදී චුම්බක ශ්‍රේෂ්ත්‍රයක් හට ගනි එහි ප්‍රතිඵලයක් ලෙස ද්වීතීක දඟරයේ අදි වෝල්ටීය තාවයක් ඇති කර ගනී. මෙය 20000v පමණ වේ. එම වොල්ටීය තාවය ඩිස්ටි බියුටරය මගින් දහන අනුපිලිවෙල අනුව එක් එක් සිලින්ඩරයේ පුලිගුව වෙත ලබා දෙනු ලැබේ.
හරි යාලුවනේ එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමු. වෙමු. මන් ඩිස්ටි බියුටරය ගැන වැඩිය කතා කලේ නෑ පෝස්ට් එක ගොඩක් දික් වෙන නිසා ඩිස්ටි බියුටරය ගැන සම්පූර්ණ පෝස්ට් එකක් මන් දාන්නම්. පුන්චි ඉල්ලීමක් තියෙනවා පෝස්ට් එක share කරලා පොඩි සප් එකක් දෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.
copyright c 2020
0 Comments