ක්ලච් පද්ධතිය (Clutch system)

ක්ලච් පද්ධතිය (Clutch system)

සියලු දෙනාටම සුභ දවසක් වේවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ආවෙ මෙ ක්ලච් එක ක්‍රියා කරන්නෙ කොහොමද කියලා. සමහරු ක්ලච් එක කියලා පෑගුවට ක්ලච් එක වැඩ කරන හැටි දන් නෑනෙ. මන් මේ පෝස්ට් එකෙන් ක්ලච් පද්ධතිය ගැන සරලවම තේරෙන විදිහට කියලා දෙන්න බලන්නම්. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු.
අපි ක්ලච් එක පාගගෙන ඉන්න කොට වාහනෙ යන් නෑ කියලා දන්නවනෙ සුලු වශයෙන් තමයි වාහනෙ ගමන් කරන්නෙ එත් ක්ලච් එක අතෑරපුවම වාහනේ යනවා. ජියර් මාරු කරනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙතනදි ක්ලච් එක මගින් සිදු කරන්නෙ එන්ජින් එකෙන් රෝද වලට දෙන කැරකුම් බලය ව්සන්දි කිරීමයි. ක්ලච් එක පිහිටලා තියෙන්නෙ එන්ජින් එකත් ගියර පෙට්ටියත් අතරයි. 1 රූපය බලන්නකො ඔයාලට පැහැදිලි වෙයි.


 ගියර පෙට්ටිය හා එන්ජිම අතර තියන මෙම ක්ලච් එකලසෙ පීඩන තැටිය, ඩයෆ්රම් ස්ප්‍රින්ග් එක, ක්ලච් තැටිය හා එවායෙ අනු කොටස් සම්බන්ද වෙනවා. 2.1 , 2.2 රූප සටහන්  බලන්න.






එතකොට 2.2 රූපයෙ තියන පීඩන තැටිය එන්ජිමෙ ජව රෝදයට(fly wheel) ස්පීන් මගින් තද වෙලා තමයි තියෙන්නේ. ජව රෝදය හා පීඩන තැටිය අතර ක්ලච් තැටිත් හොදට තද වෙලා තියනවා. ඉතින් අපි ක්ලච් එක පාගනකොට ඔය 2.2 රූපයෙ තියන ඩයෆ්රම් ස්ප්‍රින්ග් එකේ තියන කූරු වගෙ කොටස් ටික ඇතුලට තද වෙනවා. එතකොට පීඩන තැටිය දුනු ආතතිය අබිබවා ක්ලච් කවරය දෙසට ඇදෙනවා. එතකොට අර ක්ලච් තැටියත් නිදහස් වෙනවා. (3.රූපය බලන්න)

 අන්න එතකොට තමයි ඔයාලා ජියර් මාරු කරන්නේ , බ්‍රෙක් ගහන්නෙ , වාහනේ යන්නෙ. මේ video එකත් බලන්න.




ඉතින් යාලුවනෙ මම අද ඔයාලට කියලා දුන්න ක්ලච් වර්ගය අයත් වෙන්නෙ දගර දුණු ක්ලච් වලට ප්රාචීර දුණු ක්ලච් කියලා තව වර්ගයක් තියෙනවා. ඒ ගැන හා ක්ලච් පද්ධතියේ දෝෂ හදුන ගන්න විදිහ හා ඒවට පිලියම් ගැන අපි ඉදිරියේදි කතා කරමු. Post එක සේයා කරලා සප් එකක් දෙන්න. 

Post a Comment

0 Comments