ලයිනර්

ලයිනර්
සියලු දෙනාටම සුබ දවසක් වේවා. ටික දවසක් post එකක් වත් දාන්න බැරි උනෙ පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා ඒ ටික විසදන්න උනා. හරි ඉතින් කොහොම හරි ඒ ටික ඉවරයි. ඉතින් අද මන් ඔයාලට කියලා දෙන්න මොකක්ද මේ ලයිනර් කියන්නෙ කියලා. හරි එහෙනම් 1රූපයයි ,2 රූපයයි බලන්නකො ඒකෙ මන් දාලා තියනවා ලයිනර් වර්ග 2ක්. 
1.තෙත් ලයිනර්


2.වියලි ලයිනර්



අපි මෙ එකෙන් එක කතා කරමු එතකොට ඔයාලට තේරෙයි. ඉස්සලාම අපි තෙත් ලයිනර් ගැන කතා කරමු. තෙත් ලයිනරය සිලින්ඩර බදට සවි කරාට පස්සෙ සිලින්ඩර් බදේ තියන ජලය ලයිනරයෙ පිටත් පෙදේසයේ ස්පර්ශ වෙනවා. මේ නිසා එන්ජිමට හොද සිසිලනයක් ගන්න පුලුවන්. ඒ වගේම මේ ලයිනර් සිලින්ඩර් බදට සවි කරනකොට ඉහලිනුයි පහලිනුයි මුද්රාවක් යොදනවා. නැත්තන් ලයිනරය හරහා එන්ජිමට ජලය කාන්දු වෙනවා. මේ ලයිනර් වල මල බැදීමක් සිදු වෙනවා එක නිසා අදුන ගන්න පුලුවන්.
වියලි ලයිනර් ගැන කතා කරොත් එහෙම මේ වර්ගයේ ලයිනර් එන්ජින් බදෙහි සකස් කරලා තියන සිලින්ඩර් තුලම පිහිට වනවා. මෙම ක්රමයේදි ජලය ලයිනර් එකේ පිටත කෙලින්ම ඉපර්ශ වෙන්නෙ නෑ. මේ ලයිනර් වර්ගය එන්ජින් බදර සවි කරන්නෙ අදික පීඩනක් යටතේ. පිස්ටන් සමග ලයිනර් එකක් චලනය වෙන්න පුලුවන් නිසා ඒක වැලැක්වීමට ලයිනරයේ උඩ කෙලවරේ ගැටිති සහිතව නිර්මාණය කර බද තුලට ගිල්වලා තියෙන්නේ. සිලින්ඩර් හෙඩ් එක හයි කරනකොට මේ ගැටිතිත් එක්ක ලයිනරය හොදින් සවි වෙනවා.
ලයිනර් යන්නෙ කිහොමද ලයිනර් වල දොශ ගැන අපි ඉදිරියේදී කතා කරමු. හැමෝටම සුබ දවසක්. Share කරලා සප් එකක් දෙන්න. 💗


@Copyright by 2019

Post a Comment

0 Comments