වැන්කල් එන්ජිම

වැන්කල් එන්ජිම

සියලු දෙනාටම සුබ දවසක් අද මම ඔයාලට අරන් අවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් වන වැන්කල් එන්ජිම ගැන සරලව ඔයාලට කියලා දෙන්නයි. 


හරි මේ රොටරි වැන්කල් එන්ජින් එක නිර්මාණය වෙන්නේ ෆිලික්ස් වැන්කල් විසින්ය. මෙම එන්ජිමත් අභ්‍යන්තර දහන එන්ජින් ගනයටම අයත් වන්නකි.
මෙම එන්ජින් එකේ ප්‍රධාන කොටස් ලෙස ත්‍රිකෝණා කාර හැඩයකින් යුත් භ්‍රමකයද, අණ්ඩාකාර හැඩයෙන් යුත් කුටීරයත් දැක්විය හැකියි. මෙහි තුල වූ භ්‍රමකය භ්‍රමණය වන්නේ එහි මැද වූ ගියර රෝදයක් වටා විකේන්ද්‍රිකවය.(විකේන්ද්‍රිකව කියන්නෙ ඔයාලා හිතන්න ඔයාගෙ ඇගිල්ලට වලල්ලක් දාලා කරකනවා කියලා අන්න ඒ විදිහට කැරෙකෙන එකට ඒ කියන්නේ ක්‍රේන්ද්‍රයක් නැතුව කැරකෙන එකට) භ්‍රමකයේ මුදුන් 3න සෑම අවස්ථාවකම කුටීරයෙ බිත්ති අතර හොදින් මුද්‍රා වේ.



මෙහි ක්‍රියාකාරිත්වය සැලකූවිට භ්‍රමකය විකේන්ද්‍රිකව කැරකැවෙන අතර එහිදි සිව් පහර එන්ජිමකට සාපේක්ෂව මෙහිද පහරවල් 4ර සිදු වේ. එනම් චූෂන පහර , සම්පීඩන පහර , බල පහර , පිටාර පහර මෙහිද සිදු වේ. වැන්කල් එන්ජින් මෙකී පහර වල් ගැන සින්හලෙන් පොඩි video එකක් කලා ඒක පොඩ්ඩක් බලලා එන්න ඔයාලට වැන්කල් එන්ජින් එකේ ක්‍රියාකාරිත්වය ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.


මෙම එන්ජිම සැලකූවිට මෙහි එක් වටයකදී බල පහරවල් 3ක් ඇති වේ. චලනය වන කොටස් අඩු වීමත් බරින් අඩු වීමත් වාසියකී. මෙම එන්ජිම භාවිතා වන වාහන වල උදාහරණ ලෙස මැස්ඩා RS7 , RS8 වැනි වාහන දක්වන්න පුලුවන් මන් පහලින් මැස්ඩා rs8 එකේ පින්තූරයක් දාලා ඇති.




අවාසි ලෙස නිශ්පාදන වියදම අධික වීමත් , අලුත් වැඩියා කටයුතු අපහසු වීමත් අදික ඉන්දන දහනයත් පරිසරයට අහිතකර වීමත් අවාසි ලෙස දැක්විය හැක. මෙම නිසා මෙම එන්ජින් වර්ගය දැන් වැඩිපුර භාවිතයට නොගැනේ. නිශ්පාදනයද නවතා ඇත.

එහෙනම් යාලුවනෙ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. පොස්ට් එක සෙයා කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න... 🔧⚙️

Post a Comment

0 Comments