වාහන වල පද්දති හදුනාගමු.

වාහන වල පද්දති හදුනාගමු.

Hy යාලුවනේ හැමෝටම සුබ දවසක් වේවා.  අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ මන් එදා කිව්ව පද්දති ටික මම කරාට මට ඒ  ටික හදුන්වලා දෙන්න බැරි උනා නේ. වාහන ගැන දැන ගන්නවනම් මේ පද්දති හරි විදිහට දැන ගෙන ඉන්න ඕනේ හරි අපි එහෙනම් මේ පද්දති ගැන කෙටියෙන් කතා කරමු.

1. එන්ජිම

අපි එන්ජිමේ කොටස් ගැන පසුව කතා කරමු. අපි බලමු එන්ජිමෙන් වෙන කර්ය  මොකක්ද කියලා. සරලව කිව්වොත් එන්ජිමකින් වෙන්නේ රාසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් කර එය චාලක ශක්තියක් කීරීමයි. ඒ කියන්නේ ඉන්දන දහනය කරලා කැරකුම් බලයක් නිර්මාණය කර ගැනීමයි. මේම ක්‍රියාව කරන්නනන් එන්ජිමට තව පද්දති කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ ඉන්දන නියම වෙලාවට සැප ඊමට ඉන්දන පද්දතිය , ප්‍රෙට්ටල් ඉන්දන වල දහන පුලිගුවක් සපයන ජ්වලන පද්දතිය , හා ඝර්ෂණය අවම කර ගැනීමට ස්නේහන තෙල් සපයන ස්නේහක පද්දති එප උප පද්දති වේ. අපි මේ පද්දති ගැන සවිස්තරාත්මකව ඉදිරියේදි කතා කරමු. එතකන් මේ ටික ඔලුවට දා ගන්න ගොඩක් වටිවී ඔයාලට.

2. සම්පේශන පද්දතිය

එන්ජිමෙන් ලබා දෙන බලය රොද කරා ගෙන යන්නේ මෙම පද්දතියයි. මෙම පද්දතියට ක්ලචය , ගියර පෙට්ටිය , අවර පෙති කද , ආන්තර එකලස රෝද සවි වන අක්ෂ දඩු අයත් වේ.

3. සුක්කානම් පද්දතිය

වාහනය අවශ්‍ය දීශාවට හරවා ගැනීමට භාවිතා වේ.

4.අවලම්බන පද්දතිය

වාහනය ගමන් කිරීමේදී මාර්ගයේ ඇති රලු බව වාහනයේ මගීන්ට හා බඩු බාහිර ආදියට සම්පේශනය නොවීමට මෙම පද්දතිය විවිද දුනු වලින් සමන් විතව නිර්මාණය කර ඇත.

5. විදුලි පද්දතිය

වාහනයකට විදුලි පද්දතිය මගින් වාහනයට අවශ්‍ය විදුලි ආලෝකය ලබා දීමත් පණ ගැන්වීමේදි පණ ගැන්වුම් මෝටර ක්‍රියා කරවීමටත් භාවිතා වේ.

6. ආරෝපණ පද්දතිය

මූලික විදුලි උපාංග ක්‍රියා කරනුවේ බැටරියෙනි මේ නිසා බැටරිය නැවත ආරෝපණය කිරීමට සකසා ඇති පද්දතිය ආරෝපණ පද්දතිය වේ. මෙයට ඕල්ටනේටරය අයත් වේ.

7. චැසිය

ඉහතින් සදහන් කල සියලුම පද්දති හා උප පද්දති සවි වන්නෙ මෙයටයි.

8. බොඩිය / ආවරණය

වාහනයේ පිටතින් ඇති ආවරණ වේ.

ඉතින් යාලුවනෙ ඔය ටික හොදට මතක තියා ගන්න එක ඔයාලට ඉදිරියට ගොඩක් වැදගත් වෙයි . ඉතින් ඔයාලා මන් දාන පෝස්ට් වලින් මොනා හරි ඉගෙන ගන්නවනම් අනිවාරෙන් cament කරන්න . සෙයා කරලා පොඩි සප් එකක් දෙන්න. සුබ දවසක් .


Post a Comment

0 Comments