පිස්ටන් උෂ්ණත්වය (temperature of the piston)

පිස්ටන් උෂ්ණත්වය (temperature of the piston)

සුබ දවසක් යාලුවො සියලු දෙනාටම අද මම ඔයාලා එක්ක කතා කරන්න යන්නේ පිස්ටන් එකේ උස්නත්වය ගැනයි. හරි වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු.
හරි යාලුවනේ මම ඔයාලට 1 රූපයෙන් පෙන්වලා ඇති පිස්ටන් හිසෙහි උෂ්නත්වය හට ගන්නා ආකාරය.

 ඒ කියන්නේ මැද සිට දෙපසට. එතකොට ඔයාලට තේරෙනවා ඇති පිස්ටන් හිසෙහි මැද උෂ්ණත්වය වැඩියෙන් තියෙනවා කියලා. මෙම උපරිම උෂ්ණත්ව ඩීසල් එන්ජින් පිස්ටන් වල 340C° පමණද ප්‍රෙට්ට්‍රල් එන්ජින් පිස්ටන් වල 240C° පමණ වෙනවා.

සාමාන්‍යයෙන් පිස්ටනයක් සම්පීඩන පහරේදී දක්වන තෙරපුමට වඩා බල පහරේදී දක්වන තෙරපීම වැඩියි එම නිසා බල පහරේ තෙරපුම major trust යනුවෙන්ද සම්පීඩන පහරේ තෙරපුම minor trust කියලා හදුන්නනවා.
පිස්ටනයත් සිලින්ඩර බිත්ති අතරත් වාසිය අධික නම් එන්ජිම සිසිල්ව තියන කොට පිස්ටනය සිලින්ඩර් බිත්ති අතර වදිනවා. මෙය පිස්ටන් වැදිම නොහොත් piston slap යනුවෙන් කියනවා. එම නිසා පිස්ටන් එක සිසිල්ව ඇති අවස්ථාවේදි සිලින්ඩර බිත්ති අතරට හොදින් හොදින් සවි විය යුතුය. පිස්ටන් බදේ උෂ්ණත්වය අඩු කර ගැනීමෙන් පිස්ටනයෙ ඉහල කොටසත් සිලින්ඩරයත් අතර ඇති වාසිය අඩු කර ගත හැකිය. එවිට පිස්ටනය සිසිල්ව තිබෙන විට සිලින්ඩර් බදට හොදින් සවි වේ. පිස්ටන් බදෙහි උෂ්ණත්වය අඩුකර ගැනිමට පිස්ටන් මුදුනේ සිට පහලට ගමන් කරන තාපය අඩුකර ගත යුතුයි. මේ සදහා සමහර පිස්ටන් වල තිරස් කට්ටයක් සකසා ඇත. 2. රූපය බලන්න. එවිට පිස්ටන් වැදීම හා මිශ්‍රණය කාන්දු වීම වැලකේ.



එහෙනම් යාලුවනෙ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. පෝස්‍ට් එක share කරලා සප් එකක් දෙන්න.

Copyright C

Post a Comment

0 Comments