පිස්ටනය, පිස්ටන් වළලු , පිස්ටන් අත

සුබ දවසක් යාලුවනේ අදත් මම ඔයාලට අරන් ආවා සිව් පහර එන්ජිමක භාවිතා වන කොටස් වලින් පිස්ටනය , පිස්ටන් වළලු , පිස්ටන් අත සහ ඒවාට සවි වන අනු කොටස් ගැනයි. වැඩි කතා නැතුව අපි මේ එක් එක් කොටස හා ඒ වාට සවි වන අනු කොටස් ගැන කතා කරමු.

1. පිස්‍ටනය - piston (1.රූපය)


පිස්ටනයක ප්‍රධාන කාර්යය වන්නේ සම්පීඩන පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය කාන්දු නොවී සම්පීඩනයට ලක්කිරීම හා දහනය නිසා පිස්ටන් මුදුන මත ඇතිකරන තෙරපුම දගර කද වෙත සම්ප්‍රේෂණය කිරීමයි. පිස්ටනය අධික ලෙස රත් වෙන අතර බරෙන් අඩුවන ලෙස ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිර්මාණය කරයි.

විවිධ නිශ්පාදකයන් විසින් පිස්ටනයේ ප්‍රසාරණය අවම කිරීම සදහා පහත ආකාරයට පිස්ටන් නිපදවා ඇත.
1. බද පැලූ පිස්ටන්
2. T ස්ලොට් (T කට්ටා සහිත පිස්ටන් )
3. ඝන බද සහිත පිස්ටන් ලෙස කිහිපයක් දැක්විය හැක.

පිස්ටන් හිස පැතලි හැඩයක් නොවී විවිධ හැඩ වලින් නිර්මාණය කරයි. මෙමගින් බලාපොරොත්තු වන්නේ පිස්ටන්ය මතට ලබා දෙන මිශ්‍රණය හොද කැලබුමක් සහිතව දහනය කිරීමත් ප්‍රසාරණය අවම කිරීමත්ය. (1.1 රුපයේ පිස්ටන් හිසෙහි හැඩ කිහිපයක් දක්වා ඇත)

2. පිස්ටන් වළලු (2 රූපය )


ප්‍රධාන වශයෙන් පිස්ටන් වලලු වර්ග 2ක් වේ.
1.සම්පීඩක වළලු (2.1 රූපය)
2.තෙල් පාලක වළලු (2.1 රූපය )

පිස්ටන් වලලු මගින් සම්පීඩනයේදී මිශ්‍රණය කාන්දු වීම වැලැක් වීම , සිලින්ඩර බිත්ති අතර හොද මුද්‍රාවක් ඇති කිරීම , අමතර තෙල් පිසදා තෙල් දෙන වෙත යැවීම , පිස්ටන් මුදුනේ ඇති වන තාපය සිලින්ඩර් බිත්ති කරා සම්පේශනය කිරීම , බිත්ති මත ඇති කාබන් පිස දැමීම වැනි කාර්යන් ඉටු කරනු ලැබේ.

පිස්ටන් වළලු මුට්ටූ

පිස්ටන් වළලු මූට්ටූ ප්‍රධාන ආකාර 3ක් වේ.
1. හේත්තු මූට්ටුව
2. පේකඩ මූට්ටුව
3. හැඩ මූට්ටු ලෙස දැක්විය හැකිය.


3. පිස්ටන් අත - connecting Road (3. රූපය)

පිස්ටනය දගර කදට සම්භන්ධ වන්නේ පිස්ටන් අත මගින්ය. පිස්ටන් අතෙහි පිස්ටනයට සවි වන කොටස මහ කොණ  ලෙසත් , දගර කදට සවිවන කොටස කුඩා කොනත් වේ.මෙය මිශ්‍ර වානේ වලින් නිපදවා ඇත. පිස්ටන් අතෙහි කුඩා කොණට පිස්ටන් කූර ( piston pin ) මගින් පිස්ටනය සම්බන්ද කෙරේ මෙම සම්බන්ද කිරීම අකාර 2ක් වේ

1. අඩක් පාවෙන ක්‍රමය
2. සම්පූර්ණයෙන් පාවෙල ක්‍රමය ලෙස දැක්විය හැකිය.

එහෙනම් යාලුවනේ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක් පෝස්ට් එක හොදයි නම් සෙයා කරලා help එකක් දෙන්න 😊😊😊
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම දාන්නම්.

Post a Comment

0 Comments