මැග්නිටො ජ්වලන පද්ධතිය

මැග්නිටො ජ්වලන පද්ධතිය

සුභ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරන් ආවේ මැග්නිටො ජ්වලන පද්ධතිය ගැනයි. 
හොඳයි යාලුවනේ ඔයාල දන්නවා ඇති ප්‍රෙට්ට්‍රල් එන්ජින් වල ඉන්දන දහනය සදහා අනිවාරෙන් පුලිගුවක් ඕනි කියලා ඉතින් යලුවනෙ සම්පීඩන වෙච්ච මිශ්‍රණය දහයය කරන්න අවශ්‍ය කරන පුලිගුව පුලිගු පේනුවට ලබා දෙන්න ඕන කරන ධාරව නිර්මාණය කරන්නේ මේ මැග්නිටො ජ්වලන පද්ධතියයි. මන් එන්ජිමෙ කොටස් ගැන කලින් පෝස්ට් දාලා තියෙනවා ඒවා කියවලා එන්න නැත්තන් තේරුම් ගන්න අමාරු වෙයි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනෙ මෙ ක්‍රමය පාවිච්චි වෙන්නේ තනි පිස්ටන් එකෙ වාහන වලට තමයි. උදාහරණ විදිහට මොටර් බයිසිකල් එකට , චෙන්සො එකට , කෘෂිකර්මාන්ත ‍යන්ත්‍ර

වලට මෙ ක්‍රමය භාවිතා කරනවා. පිස්ටන් 2හෝ ඊට වැඩි වාහන වලට පාවිච්චි කරන්නේ බැටරි කොයිල් ජ්වලන පද්ධතියයි නවීන වාහන වලින් මේ ක්‍රමයත් මෙ වෙන කොට අයින් කරලා තියෙන්නේ අපි අද කතා කරමු මේ මැග්නිටො ජ්වලන පද්ධතිය ගැන..




මෙම මැග්නිටො ජ්වලන පද්ධතියට බැටරියෙන් සපයන විදුලි විදුලි ධාරාවක් අවශ්‍ය නොවේ. මෙයට අවශ්‍ය කරණ වෝල්ටීයතාවය මෙය විසින්ම සපයා ගෙන අධි වෝල්ටීයතාවක් ඇතිකරගනී.
මෙහිදී සිදුවන්නේ ස්ථාවරව ඇති කොයිල් ඔතන ලද කොටසක් වටා චුම්භකය කැර කැවේ. (රූප සටහන් බලන්න මන් දාලා තියෙනවා කොටස් වල නම් එක්කම සරල රූප කිහිපයක්. )
මෙහි කැමිය( මධ්‍යයේ කරකැවෙන කොටස) දගර කදට සම්බන්ධ කර ඇති අතර එමගින් ස්පර්ශක තුඩු ස්පර්ශ වීමත් වැසීමක් සිදුවේ.



මෙහි ප්‍රාතමික දගරය හා ද්විතීක දගරය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. ප්‍රථමික දඟරයේ අඩු වට ප්‍රමාණයක් සහිතව වැඩි විශ්කම්භයක් සහිතව තඹ කම්බි ඔතා ඇත. ද්විතික දඟරයේ අඩු විශ්කම්භයකින් වැඩි වට ගණනක තඹ කම්බි යොදා ඇත. සාමාන්‍යයෙන් පුලිගුවක් ගන්න නන් අපිට 20000කට ආසන්න දාරවක් අවශ්‍ය වෙනවා. ඒක සිදු කරන්නෙ මේ කොයිල් වලින් මෙහි දී සිදුවන්නෙ ප්‍රාතමික දගරයේ වෝල්ටීයතාව ස්පර්ශක තුඩු මගින් එක ක්ශනයකින් විසන්දි කිරීමයි. මෙහිදී ධාරව පැන්වීමක් සිදු වී වැඩි වට ගනනක් සහිත කොයිලය තුල (වට 20000ක් පමණ) අදික වෝල්ටීයතාවක් හට ගෙන එය පුලිගු පේනුවට ලබා දෙන එකයි. මෙමගින් අපට අවශ්‍ය කරන පුලිගුව ලබා ගන්න පුලුවන්. බයික් එකේ ප්ලග් එකෙන් කරන්ට් එක වැදිච්ච අය ඉන්නවනන් දන්නවා ඇති කොච්චර දාරාවක් යනවද කියලා මටත් එක සැරයක් වැදිලා තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය දාරාව හැදුවේ මේ පද්දතියෙන්

එහෙනම් යාලුවනෙ තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.

Post a Comment

0 Comments