මුහුනත් ආමාණය (dial gauge)

මුහුනත් ආමාණය (dial gauge) 

සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මුහුනත් ආමාණය (dial gauge) කියන උපකරණය ගැනයි. (1රෑපය බලන්න )

හරි යාලුවනේ මේ උපකරණය බාවිතා කරන්නේ වැඩ කොටසක විස්ඛම්භය මැනීමටත්, මතුපිට මට්ටම පරික්ෂා කිරීමටත්, කඩොතොලු හා හිඩස් මැනීමට මෙම උපකරණය බාවිතා කරනවා.

මෙමගින් මිලීමීටරයෙක් 100 න් එකක් දක්වා (0.01mm) මිනුම් ලබා ගන්න පුලුවන් . මෙහි මුහුනතේ අගයන් සටහන් කර ඇත්තේ මිලිමීටරයෙන් සීයෙන් එකේ කොටස් වලිනී. මෙහි විශාල දශකයේ එක් වටයක් සදහා කුඩා දශකයේ එක් අගයක් ලැබේ.(2.රූපය බලන්න)

මිනුම් ලබා ගැනීමට එය හොදින් සවි කොට ඉපර්ශක තුඩ මිනුම් ලබා ගැනීමට අවශ්‍ය කොටසේ හොදින් ඉස්පර්ශ කොට එහි ප්‍රධාන පරිමාණය කරකවා පාඨාංකය 0 වට ගෙන (ප්‍රධාන පරිමාණයේ 0 සහ කටුව එකට සිටින සේ කරකවා ගන්න) අදාල වැඩ කොටස කරකවා මිනුම් ලබා ගනී.(3 රූපය බලන්න )

 ගොඩක් දේවල් දානවා ඉස්සල්ලාම උපකරණ ගැන කියලා පටන් ගත්තේ ඔයාලට මන් ඉස්සරහට දාන පෝස්ට් වලදී ඔයාලට මූලික දැනුම ඕන නිසා. හරි එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් 😊😊 ......
Facebook

Post a Comment

0 Comments