Automobile ශේෂ්ත්‍රයේදී බාවිතා වන වැදගත් උපකරණ කිහිපයක්


සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ උපකරණ 3ක් ගැනයි.  එක එක උපකරණය ගැන අපි දැන් කතා කරමු.
1. ස්පර්ශක ආමානට - feeler gauge (1රූපය බලන්න )
මතුපිට තල දෙකක් අතර කුඩා පරතර මැනීමට මෙය භාවිතා කරනවා. උසස් වානෙ වලින් සකසා ඇති අතර දුනු පටි ආකාරයට විවිධ ගනකම් වලිල් සකස් කරලා තියෙනවා. මේවා වානෙ පතුරු එකලසක් ලෙස ආවරනයක බහා ඇත.

2ටෙලස් කෝප් ආමාණය - telescopic gauge (2.රූපය බලන්න)

සිදුරු බෝර හා සිලින්ඩර වල අභ්‍යන්තර මිනුම් ලබා ගන්න මෙම උපකරණය බාවිතා කරනවා. අප එන්ජිමක සිලින්ඩරයක් සලකමු. මෙහිදී ටෙලස් කෝප් ආමානය සිලින්ඩර බොරය තුලට යොමු කොට ටෙලස්කෝප් ආමානයෙ ඉහල කෙලවරෙහි ඇති කොටස කරකවා තද කොට උපකරණය සිලින්ඩරයෙන් ඉවතට ගෙන මයික්‍රෝමීටරයක් ආදාරයෙන් මිනුම් කියවනු ලැබේ.( මයික්‍රෝමීටර ගැන දන් නැත්තන් මෙතන click කරලා ගිහින් කියවන්න )


2. මැද පොංචිය - center punch (3 රූපය බලන්න)

මධ්‍ය ලක්ෂය හොදින් සලකුනු කර ගැනීමට මෙම උපකරණය භාවිතා කරනු ලැබේ. අදි කාබන් වානේ වලින් නිපදවා තුඩ දැඩි කොට ඇත.මිටියක් මගින් බලයක් යොදා රේඛා හා කේන්ද්‍ර ලකුනු කරනු ලැබේ.

එහෙනම් යාලුවනේ අලුත් පෝස්ට් එකකින් හම්බෙමු. තව උපකරණ කිහිපයි තියෙන්නෙ ඒ ටික ඉවර කරලා අපි වාහනයක ඇතුලත කොටස් වෙත යමු. එහෙනම් ඔයාලට සුබ දවසක් 😊😊🔧.

Post a Comment

0 Comments