සිලින්ඩර බද හා සිලින්ඩර් හිස


සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට අරන් අවා එදා මම දාපු එන්ජිමක ප්‍රධාන කොටස් වලින් කිහිපයක විස්තර ඒ පෝස්ට් එක බැලුවෙ නැත්තන් මේ ලින්ක් එකෙන් ගිහින් බලලා එන්න. (Clik now) එහෙනම් අපි මෙ කොටස් දෙක ගැන කතා කරමු.

1. සිලින්ඩර් හිස - Cylinder Head

සිලින්ඩර හිස චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇති අතර සමහර එන්ජින් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන්ද නිෂ්පාදනය කර ඇත. සිලින්ඩර බදෙහි ඉහල කොටස සිලින්ඩර හිස මගින් ආවරණය වේ. මෙම සිලින්ඩර හිසෙහි චුෂණ වැල්වයද පීටර වෑල්වයද මෙය තුල ක්‍රියා කරන අතර දහන කුටීරය, පිටාර වායු මාර්ග, පුලිගු පේනු, ඉන්ධන විදිනය , තාප පේනු, මෙහි තුල දක්නට ලැබේ.  ටැපට් කවරය සම්බන්ද කිරීමට ඇණ කව්ද මෙය තුල සකස් කර ඇත. සිලින්ඩර හිස තද කිරීමේදි මැදින් පටන් ගෙන දෙපසට විහිදෙන ආකාරයට තද කල යුතුයි. ගැලවීමේදී දෙපස සිට මැදට විහිදෙන සේ තද කල යුතුයි.

2.සිලින්ඩර බද - Cylinder Block

සිලින්ඩර බදද චීනට්චට්ටි ලෝහයෙන් සකස් කරයි. වාත්තු කිරීමේදී , සිලින්ඩර බෝරයක්ද දගර කද බ්‍රමණය සදහා මව් බෝරයක්ද  , සිලින්ඩරය වටා ජල කුහරද , ලිහිසි කරනයේදි තෙල් දෙන දක්වා ගමන් කිරීමට තෙල් කුහරද සම්බන්ද කර ඇත. බදෙහි පහල කොටසට තෙල් දෙන සවි වේ. වාතයෙන් සිසිල් කරන එන්ජින් වල බදෙහි වරල් සහිතව නිර්මාණය කර ඇත.(මෝටර් බයිසිකල්)
හොදයි යාලුවනේ එහෙනම් අපි ඊලග පෝස්ට් එකෙන් හමු වෙමු. ඉතිරි කොටස් ගැනයි මෙවගෙ අනු කොටස් ගැනයි ඉක්මනින්ම දාන්නම්. සුබ දවසක්.

Post a Comment

0 Comments