සිව් පහර ප්‍රෙට්ටල් එන්ජිම (4stroke petrol engine)

සුබ දවසක් යාලුවො හැමෝටම. අද මම ඔයාලට අරන් අවේ සිව් පහර ප්‍රෙට්ටල් එන්ජිම (4stroke petrol engine)  ගැනයි.

ඉතින් සාමාන්‍යයෙන්  පිස්ටන් එකක් ගත්තොත් පිස්ටන් එකේ උඩ TDC ලෙසත්, පහල BDC ලෙසත් ගන්නවා. (1 රූපය )

ඉතින් සිව් පහර පෙට්‍රල් එන්ජිමක පහර වල් හතරක් තියෙනවා.

1. පලමු පහර- චූෂන පහර (2රූපය බලන්න )
මෙම පහරේදී පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරන අතර චුෂන වැල්වය ඇරී පෙට්‍රල් වායු මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇතුලු වේ.

2.දෙවන පහර - සම්පීඩන පහර ( 3රූපය බලන්න )

මෙම පහරේදී වැල්ව දෙකම වැසී ඇති අතර ඇතුලු වූ මිශ්‍රණය සම්පීඩනයට ලක් වේ.පිස්‍ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි.

3. තුන් වන පහර - බල පහර (4රූපය බලන්න )

මෙම පහරේදී ඇතුලු වූ මිශ්‍රණය සම්පීඩනයට ලක් වී ඇති බැවින් එයට පුලිගු පේනූව මගින් ලබා දෙන පුලිගුව නිසා පිස්ටනය යලි TDC සිට BDC දක්වා ගමන් කරයි.

4.හතරවන පහර - පිටාර පහර (5රූපය බලන්න )
මෙහිදී පිටාර වැල්වය විවෘත වී දහනය වූ වායු මිශ්‍රණය පිටාර වැල්වය හරහා පිටතට ගමන් කරයි. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි.

හොදයි යාලුවනේ එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. සෙයා කරලා පොඩි සප් එකක් දෙන්න. සුබ දවසක් 😊😊🔧

Post a Comment

0 Comments